සිංහල
ශ්‍රී ලංකාවේ පළමු පරිවර්තන සමාගම වන JK SWORN TRANSLATION 2000 වසරේදී ස්ථාපනය කරන ලද භාෂා පරිවර්තන ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයකි.
භාෂා පරිවර්තන සේවා ලබා ගැනීමට අවශ්‍ය ගනුදෙනුකරුවන්ට විනිවිද පෙනෙන, ගුණාත්මක හා ලාභදායී සේවාවන් සපයන ලේඛන පරිවර්තන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වශයෙන් නම්දරා සිටිනුයේ JK SWORN TRANSLATION.
JK SWORN TRANSLATION සමාගම ශ්‍රී ලංකාවේ පළමුවරට ආරම්භ කළ වර්තමානයේ හොඳම පරිවර්තන සේවා සපයන ශ්‍රී ලංකේය සමාගමකි. මෙම සමාගම ලොව පුරා සිටින සිය ගනුදෙනුකරුවන්ට දශක දෙකකට වැඩි කාලයක පටන් පරිවර්තන සේවා සපයනු ලබයි.
විවිධ ලිපි ලේඛන සිංහල/දෙමළ/ඉංග්‍රීසි ඇතුලු ජාත්‍යන්තර භාෂාවලට පරිවර්තනය කිරීම විශවසනීය ලෙසටත් කඩිනම්වත් සිදුකරනු ලබයි.
නීතිමය ලේඛණ, මූල්‍ය, ව්‍යාපාර, අලෙවිකරණ, වෙළඳ දැන්වීම්, වෛද්‍ය, සෞඛ්‍ය සේවා, සංචාරක, ඉංජිනේරු සහ තාක්‍ෂණය, සමීක්ෂණ, ශාස්ත්‍රීය හා සාහිත්‍යය, ස්වතන්ත්‍ර නිර්මාණ, කාර්මික ආරවුල්, කොන්ත්‍රාත්තු, යෙදුම්, සේවක අත්පොත් වැනි විවිධ ක්ෂේත්‍රවලට අදාළ සියලු ආකාරයේ අන්තර්ගතයන්, සහ අලෙවිකරණ ද්‍රව්‍ය ආදි සියලු ක්ෂේත්‍රවල භාෂා පරිවර්තනය මෙම සමගම හරහා ලබාගත හැකි ප්‍රමුඛ සේවාවන්ය.
තරගකාරී වෙනත් විකල්ප පරිවර්තකයන් මෙන් නොව JK SWORN භාෂා පරිවර්තනය තම ගනුදෙනුකරුවන්ට සමාගම් ප්‍රමිතීන්ට අනුව උසස් තත්ත්වයේ පරිවර්තන ලබා දෙන ලොව පුරා සිටින ඉහළ පෙළේ, සහතිකලත්, පරිවර්තකයන් සමඟ සම්බන්ධ කරයි.
අපගේ දිවුරුම් දුන් පරිවර්තකයන් විසින් සහතික කරනු ලබන
ලේඛන වර්ග වනුයේ :
පරිවර්තන සේවාවන් ලබාගත හැකි දේශය හා ජාත්‍යන්තර භාෂා
ඔබේ ලේඛණ පරිවර්තන අවශ්‍යතාව අප වෙතින් ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමය හරහා කූරියර් සේවා මගින් ඉටුකර ගත හැකිය . ඔබේ ලේඛණ ස්කෑන් කර අපගේ ඊමේල් ලිපිනයට යොමුකරන්න. අප ඔබට කඩිනමින් ප්‍රතිචාර දක්වන්නෙමු. එවිට අපගේ බැංකු ගිණුමකට මුදල් බැර පරිවර්තනය කරනු ලබන ලේඛන කඩිනමින් කූරියර් සේවාව මගින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැකිය.